Skip to content

  • Tamil (Sri Lanka)
  • English (United Kingdom)
 
ඔබ මෙතනයි : මුල් පිටුව
 

හැඳින්වීම

කුරුළු උණ යනු කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන බෝවන වසංගත රෝගයකි. මෙම රේගය ඉන්ෆ්ලුවන්සා A වයිරසත් H5N1 කාණ්ඩයෙන් සෑදෙන අතර එය පක්ෂින්ගෙන් මිනිසුන්ටද බෝවේ. මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුඵ උන පැතිරිම ඉතාමත් දුලබය.

කුරුළු උණ පැතිරිම ඉතාමත් දුලබය.

කුරුළු උණ අප රටට පැමිණිය හැක්කේ.....

  • පිටරටවල සිට පියාඹා එන කුරුල්ලන් මාර්ගයෙන්, කුරුළු උණ මෙරට කුරුල්ලන් අතරට පහසුවෙන් පැමිණිය හැකියි.
  • මීට අමතරව වෙනත් රටවලින් අප රටට ගෙන්වන ගුරුල්ලන්, කුකුළන් හා කුකුළු පැටව්. කුරුළු පිහාටු , මස් හා බිත්තර වැනි කුරුළු නිෂ්පාදනය එම බෝවිය සහිත නම් මෙම රෝගය අප රටට ද පැමිණිය හැක.
  • එමෙන් කුරුළු උණ වසංගතය පවතින රටවලට යන විදේශ ගමන් ද මෙම රෝගය පැතිරීමට හේතු වේ.

කුකුළන්, කුරුල්ලන්ගෙන් මිනිසුන්ට රෝගය වැළදෙන්නේ ..............

  • රෝගී හා මැරුණු කුකුළන්, කුරුල්ලන්, තාරාවන් හා ගෘශාශ්‍රිතව ඇත් කරන කුරුල්ලන් හා උන්ගේ අපවිත්‍ර දෑ ස්පර්ශ කිරීමෙන්
  • රෝගි පක්ෂින්ගේ බාගෙට පිසු සත්ව කොටස් හේ බිත්තර ආහාරයට ගැනීමෙන්

රෝග ලක්ෂණ

වයිරස ශරීර ගත වු පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මුලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්සණ වලට සමාන වේ. අණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලසී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රොග ලක්ෂණ ඉක්මණින් නරක අතට හැරෙන අතර දරුණු නියුමෝනියා රෝගයෙන් මරණයට පත්වේ.

රෝගය පැතිරීම වැළැක්වීම - හොඳ සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ.

  • නිතර සබන් ගා අත් සේදීම.
  • රෝගීන් කහින කිවිසින විට පිරිසිදු ටිෂු/ලේන්සුවකින් නාසය හා කට වසා ගැනීම හා එම ටිෂු ක්‍රමාණූකූලව කුණු බාල්දියකට දැමීම.
  • ජනාකීර්ණ ස්ථාන වලට යෑමෙන් වැලකී සිටිම.
  • ආරක්ෂිත සත්ව පාලන ක්‍රම මගින් කුරුළු උණ පැතිරීම පාලනය කළ හැක.
  • ගෘශාශ්‍රිතව ඇතිකරන පක්ෂීන්ට කැලයේ ජීවත්වන කුරුල්ලන් සමඟ එක්වීමට නොහැකි වන ලෙස කූඩු කිරීමෙන්
  • ඇතිකරන කුකුළන්/කුරුල්ලන්ගේ කූඩු හැකි තරම් ගෙවල් වලට ඈතින් පිහිටුවීම.
  • ගොවිපල වල අපද්‍රව්‍ය වලින් පරිසරය හා ජලය අපවිත්‍ර වීම වැළැක්වීම.

එමෙන්ම කුරුළු උණ පාලනයට හොඳ සෞඛ්‍ය පුරුදු වැදගත් වේ.

  • මිය යන සතුන් ආරක්ෂිතව තබා වහාම සෞඛ්‍ය නිලධාරීන්ට හා පශු වෛද්‍ය අංශයන්ට දැනුම් දීම.
  • කුකුළු කූඩු වලට ඇතුළු වීමට පෙර මුඛ, අත් හා පා ආවරණ පැළඳීම හා ශරීරය වැසෙන සේ ඇඳුම් ඇදීම.
  • ගොවිපලේ වැඩ කිරීමෙන් පසු ශරීරය හා උපකරණ හොඳින් සබන් ගා පිරිසිදු කිරීම.

ආහාර පිළියෙල කිරීමේදී නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. නියමිත පරිදි පිසින ලද ආහාර වලින් (මස්/බිත්තර) කුරුළු උණ බෝ නොවේ.

  • පිසු ආහාර හා අමු මස් එකට ගබඩා නොකිරීම.
  • මාංශමය ආහාර පිළියෙල කිරීමට භාවිතා කළ භාජන හොඳින් සබන් ගා පිරිසිදු කිරීම.
  • මාංශමය ආහාර හොඳින් පිස ආහාරයට ගැනීම.
  • මස් කුඩා ගකැබලි වලට කැපීම. එමගින් හොඳින් පිස ගැනීමට උපකාරී වේ.
  • භාජනය වසා මස් පිසීම.

ආරක්ෂිතව බිත්තරමය ආහාර සැකසීමේදී ...............

  • තැම්බීමට පෙර බිත්තර හොඳින් සබන් ගා සෝදා ගැනීම.
  • කහමඳය සවිවන තෙක් තම්බා ගැනීම.
  • බිත්තර තැම්බීම සඳහා වෙනම භාජනයක් භාවිතය
  • අමු හෝ බාගෙට තැම්බු බිත්තර ආහාරයට නොගැනීම.

පක්ෂින්ගේ දැකිය හැකි කුරුළු උණ රෝගයේ රෝග ලක්ෂණ

  • කරමල, හිස ප්‍රදේශයේ හෝ කකුල් වල ඉදිමීම.
  • නාසයෙන් ශ්‍රාවයන් වහනය වීම.
  • දියරමය පාචනය
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන්
  • ආහාර නොගැනීම
  • ඇතිකරන කුකුළන් විශාල ප්‍රමාණයක් එකවර මිය යෑම

 

ප්‍රධාන මෙනුව