Skip to content

  • Tamil (Sri Lanka)
  • English (United Kingdom)
 
ඔබ මෙතනයි : මුල් පිටුව
 
H1N1 ඉන්ෆ්ලුවන්සාව

ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය අශ්‍රිත රෝගයකි. එය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයකි. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවිය හැක. මෙය අලුත් වෛරසයක් නිසා සමාජය තුළ ප්‍රතිශක්තිය අල්පය. එම නිසා මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිරිය හැක.

රෝග කාරකය
ඉන්ෆ්ලුවන්සා ‍වෛරසය  -  A H1N1 ප්‍රභේදය

රෝගය කාරකය සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු

මෙම වෛරසය සිරුර තුළ තුළට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහාය.  එනම් නාසය හා මුඛය තුළින් ඇතුල් වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනය වී ශ්වසන පද්ධතියට හානි කරයි.

රෝග ලක්ෂණ

උණ, හිසරදය, ඇඟ පත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම, සමහර විට වමනය හා පාචනය

සංකූලතා

කුඩා ප්‍රතිශතයකට නියුමෝනියා ඇති විය හැක. රෝග ලක්ෂණ කාලයත් සමඟ වැඩිවේ නම් හෝ ශ්වසන අපහසුතාව, සිහිය මඳ වීම, තද උණ, වලිප්පුව ඇතිවුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුය. කලාතුරකින් මරණය පවා සිදු විය හැක.

මෙම රෝගය බරපතල විය හැකි කාණ්ඩ නම්

වයස අවුරුදු 2කට අඩු හා 65 ට වැඩි ඇය, ගර්භිණි කාන්තාවන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දිගු කාලීනව ප්‍රෙඩ්නිසිලෝන් නම් ඖෂධය ගන්නා රෝගීන් වැනි අය

ප්‍රතිකාර

වයිරස සඳහා ඇති ප්‍රතිජීවක ඖෂධ උදා: ඔසෙල්ටමිවීර් රෝගය බරපතල වන රෝගීන්ට හා බරපතල විය හැකි කාණ්ඩයට අයත් රෝගීන්ට ප්‍රතිකාර ලෙස යොදා ගනි.

රෝගය වළක්වා ගැනීමට ගත යුතු පියවර හා සෞඛ්‍ය ප්‍රවර්ධන

  • මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
  • නිරතුරුව දෑත් සබන් ගල්වා පිරිසිදු ජලයෙන් සෝදාගන්න.
  • නිතරම දෑත් වලින් මුව හා නාසය ඇල්ලීමෙන් වළකින්න.

ඔබට දැනටමත් රෝග ලක්ෂණ ඇත්නම්

  • කැස්සකදී හෝ කිවිසුමකදී ලේන්සුවකින් හෝ ටිෂු කඩදාසියකින් නාසය හා මුව ආවරණය කරගන්න.
  • පාවිච්චි කල ටිෂු කඩදාසි ආරක්ෂිතව ඉවත දමන්න. ලේන්සු නිතර සෝදා පිරිසිදු කර ගන්න.
  • පෝෂ්‍යදායි ආහාර ගන්න.  දියර වර්ග වැඩිපුර පානය කරන්න.
  • හොඳින් විවේක ගන්න.

වැඩි විස්තර සඳහා...

 

ප්‍රධාන මෙනුව